යුද හමුදා නිලධාරිගෙන් පුදුකුඩිරිප්පු රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇඳන් පරිත්‍යාගයක්
11th February 2017
සති කිහිපයකට පෙර වෛද්‍ය නිලධාරින් සමග පැවති හමුවක දී රෝහලේ අවශ්‍යතාවය පිළිබඳව සිය අවධානය යොමු කළ, 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි. දිසානායක ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් රුපියල් 700,000.00 වටිනාකමකින් යුත් පුදුකුඩිරිප්පු ප්‍රාදේශිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය සඳහා අවශ්‍ය ඇඳන් 02 ක් සහ කොට්ට තොගයක් බ්‍රහස්පතින්දා (09) දින එම රෝහල් පරිශ්‍රයේ දී පරිත්‍යාග කළ අතර, මෙම අවස්ථාව සදහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ද එක්ව සිටියහ.
එමෙන්ම, අවශ්‍යතා සහිත වෙල්ලමුලිවෛයික්කාල් පාසල් ළමුන් සඳහා එදිනම (09) වෙල්ලමුලිවෛයික්කාල් බටහිර දෙමළ මරම් පෙර පාසලේ දී යාපනය යුඑස් ගෙස්ට් අධිපති අමරසිංහම් දුෂ්‍යන්තම් මහතාගේ අනුග්‍රහකත්වයෙන් තවත් පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදි. එහිදි පෙර පාසල් ළමුන් 26 දෙනෙකු වෙත පාසල් උපකරණ හා සෙල්ලම් බඩු ලබාදුන් අතර, 68 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයන් ද මේ වැඩසටහන සඳහා එක්ව සිටියහ.
|