ආරක්ෂක ලේකම් සහ හමුදා ප්‍රධානීන් නිදහස් දින පෙළපාලියෙහි පෙර පුහුණුවීම් නිරීක්ෂණය කරති

1st February 2017

69 වන නිදහස් සැමරුම් දිනයට සමාගමීව ගාලුමුවදොර පිටියෙහි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් පෙළපාලියෙහි පෙර පුහුණුවීම් කටයුතු (1) පෙරවරුවෙහි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිපදෙනෙකු සමගින් නිරීක්ෂණය කරනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 8000 කගේ පමණ සහභාගීත්වයෙන් සෙනසුරාදා (4) දින මෙම වර්ෂයේ ප්‍රධාන උත්සවය පැවැත්වීමට නියමිතය.

ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හා ගුවන් හමුදාපතිවරුන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී පෙළපාලියෙහි පෙර පුහුණුවීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පෙළපාලියෙහි ගුණාත්මක වෙනස්වීම් මෙන්ම අනෙකුත් අවශ්‍ය වෙනස්වීම් සිදුකළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙනු ලැබීය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා, ආරක්ෂක අමාත්‍යාංශ නිළධාරීන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

එමෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුලු යුද හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් විසින් අද (02) උදෑසන නිදහස් දින උත්සවයේ 3 වන පෙර පුහුණුවිම් නිරික්ෂණය කරන ලදි.

More Articles

|