ඉල්ලීමකට අනුව මඩකලපුව නගරය පිරිසිදු කෙරේ

1st February 2017

මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානය විසින් සිකුරාදා (20) දින මඩකලපුව නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

23 වන සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බී. පනන්වලගේ මඟපෙන්විම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් මෙම පිරිසිදු කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කළහ.

ඒ අනුව 23 වන සේනාංකයේ නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයින් 50 ක්, 231 බලසේනාවේ නිලධාරීන් 06 ක් සහ සෙසු නිලයින් 150 ක්, 232 බලසේනාවේ නිලධාරීන් 05 ක් සහ සෙසු නිලයින් 100 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 370 ක් මේ සඳහා සහභාගි වූහ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පි.එස්.එම්. චාර්ලස් මහත්මිය ඇතුලු එම කාර්ය මණ්ඩලය, 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

|