යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය දේශගුණික බලශක්ති අරබුදයට විසඳුම් ලබා දිමට පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳගනි
23rd January 2017
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගනිමින්, විවෘත මෘදුකාංග බලශක්ති (පුද්ගලික) සමාගම සමග එක්ව ජෛව ස්කන්ධ-ඩෙන්ඩ්රෝ විදුලි බලාගාරය ස්ථාපිත කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ශ්‍රවනාගාරයේ දි සිකුරදා (20) දින පැවත් විය.
මෙහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත, පරිසරය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමට සහ අනාගතයේ දී බලශක්ති අර්බුදය සඳහා විසඳුම් ලබා ගත හැකි පුනර්ජනනීය බලශක්ති සම්පත් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලදී.
මෙම සමාගම විසින් ගිනිසිරියා (Gliricidia Sepium) වගා කිරිම, වර්ධනය කිරිම හා යාපනය අර්ධද්වීපය තුළ ස්ථාවර අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කරන අතර වගාව, අස්වනු නෙළීම, ගබඩා කිරීම, සකස් කිරීම හා ජෛව ස්කන්ධ බලශක්ති උත්පාදනය සඳහා දැව මූලාශ්‍රයක් ලෙස එය භාවිතා කිරිම වැනි ප්‍රයෝගික වු තොරතුරු ලබා දෙයි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් විවෘත මෘදුකාංග බලශක්ති විසඳුම් (පෞද්) සමාගම සමඟ ප්‍රකාශකර සිටියේ ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ව්‍යාපෘතිය සඳහා සාධාරණ කොන්දේසි මත ගිනිසිරියා(Gliricidia Sepium) ලබා ගැනීමට හැකි බව ද පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි අන්ගජන් රාමනාදන්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, විවෘත මෘදුකාංග බලශක්ති (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂක නිදර්ශන් වින්සෙන්තරාජන්, කණ්ඩායම් නායක නලින් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු අනෙකුත් නිලධාරින් ද සෙසු නිලයන් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
|