ඉන්දීය යුද හමුදා - ශ්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධ ව්‍යාපෘති යටතේ රණවිරු දූ දරුවන් ඉන්දීයාවේ සංචාරයක
6th December 2015
ඉන්දිය - ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන යටතේ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට කරන ලද ආරාධනාවක් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය වන පරිදි රණවිරු පවුල්වල පාසල් ළමුන් 22 ක් ගෙන් සමන්විත කණ්ඩායමක් නව දිල්ලිය, අග්‍රා, ජායිපූර් මෙන්ම ඓතිහාසික වශයෙන් සහ අධ්‍යාපනික වශයෙන් වැදගත්කමකින් යුත් තවත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමේ අරමුණින් සෙනසුරාදා (05) දහවල් ඉන්දියාව බලා පිටත්ව ගියේය. සතියක් පමණ (දෙසැම්බර් 05 - 13) දිගු ඔවුන්ගේ මෙම ඉන්දිය සංචාරයේ දී නවාතැන්, අභයන්තර ප්‍රවාහන පහසුකම්, වෛද්‍ය පහසුකම් හා ආහාර ආදිය ලබාදීම සම්බන්ධව ඉන්දීය හමුදා ප්‍රධානි විසින් සහතික වී ඇති අතර, යුද හමුදාපතිතුමා විසින් රණවිරු පවුල්වල එම සිසුන් සඳහා ගුවන් ටිකට්පත් සපයමින් මෙම වැඩසටහන සඳහා සහාය වී ඇත. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණය සිදු කරන මෙම සංචාරය සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ ඉල්ලීම මත යුද හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ශිරාණි අඹන්පොල මහත්මිය, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රජීවා අල්විස් මහත්මිය, විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාෂිණි පෙරේරා මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගි වේ. ඔවුන් ශ්‍රී ලංකාවෙන් නික්මිමට පැය කිහිපයකට හුණුපිටිය ගංගාරාමයේ පැවති විශේෂ බෝධි පූජාව වැඩසටහන සඳහා සහභාගී වී ආගමික ආශිර්වාද ලබාගත් අතර, මෙහිදි සංකේතාත්මකව නයනා ද සිල්වා මහත්මිය විසින් ගුවන් ටිකට් පත් ලබාදීම ද සිදුවිය. එමෙන්ම නයනා ද සිල්වා මහත්මිය විසින් සංචාරය පිළිබඳ උපදෙස් ලබා දී දු දරුවන් සමඟ සුහද කථාබහක නිරතවීමට ද අමතක නොකල අතර, මෙම බෝධි පූජාව සඳහා සංචාරය සඳහා සහභාගි වන පාසල් ළමුන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ. තවද සංචාරක විසා ලබාගැනීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ලැබි ඇත.