ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ
1st December 2016
නව දිල්ලි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් මාකෝ ටෙරිනෝනි බදාදා (30) පස්වරුවෙහි යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
එම හමුවේ දී ආරක්ෂක උපදේශක සහ යුද හමුදාපතිතුමා අතර, හමුදාවන් සඳහා වැදගත් වන කරුණු සහ ශ්‍රී ලංකාව සහ ඉතාලි දිර්ඝකාලීන සබදතා පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
මෙම හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.
|