නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

30th November 2016

ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙසැම්බර් මස 1 වන දින සිට 31 වන දින දක්වා පොදු සමා කාලයක් අඟහරුවාදා (29) දින ප්‍රකාශයට පත් කරන ලද අතර, දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්‍යාකූලව ඉවත් කිරීමේ කටයුතු අදාල රෙජිමේන්තුවලින් සිදු කරනු ලැබේ.

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් එම කාල සීමාව තුළ සේවය හැර ගිය කිසිදු ත්‍රිවිධ හමුදා සාමජිකයෙකු අත්තඩංගුවට ගැනීම හෝ රදවා තබා ගත නොහැකි බව වැඩි දුරටත් අවදාරණය කරනු ලැබීය.

මේ වන විට යුද හමුදා නිලධාරීන් 174 දෙනෙකු සහ සෙසු නිලයින් 42,506 දෙනෙකු යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට නියමිතව ඇත.

පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ විදායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ .එස් ද ඉසෙඩ් වික්‍රමරත්න වැඩි දුරටත් අදහස් දක්වමින් පවැසුවේ එම කාල සීමාව තුල ඒ ඒ රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත රපෝර්තු කර ඔවුන්ගේ සියලු නිශ්කාශන ලබා ගත හැකි බවය.

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවන අයවලුන් ඒ සඳහා සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුමට අදාල පාස් පොතෙහි ජායා පිටපත් රැගෙන තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත වාර්ත කළයුතු වේ.

එමෙන්ම යම් පුද්ගලයෙකුට නැවත සේවයට එක් වීමට අවශ්‍ය නම් මෙම කාල සීමාව තුල එම කාර්ය සඳහාද මින් ඉඩ ප්‍රස්ථාව සැලසේ.

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා යුද සේවා ලෙක්ම් මේජර් ජෙනරාල් ජනක වල්ගම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ පරිපාලන එයාර් වයිස් මාර්ෂල් චන්දන වැලිකල සහභාගි විය.

|