ප්‍රංශ තානාපති සහ සංචාරක නැවියන්ගේ සුභපැතුම් යුද හමුදාපති වෙත

29th November 2016

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු ජීන් මැරින් ශූ ප්‍රමුඛ තිදෙනෙකුගෙන් සමන්විත ප්‍රංශ නාවික නියෝජිත පිරිස සඳුදා පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

මෙම නියෝජිත පිරිස මේ දිනවල කොළඹ දී පැවැත්වෙන ‘ගාලු කතිකාව’සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රංශ හමුදා ඒකාබද්ධ හමුදාපති රියර් අද්මිරාල් ඩයිඩියර් පයිටර්න් සහ කාන්තා නිලධාරීනියක් ඇතුලු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත විය. යුද හමුදාපති කාර්යාලයේ පැවති මෙම සුහඳ හමුවේ දී පොදු කලාපීය කරුණු සහ හමුදාමය වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදි.

තවද, මෙම හමුව අවසානයේ යුද හමුදාපති විසින් එම පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානය කළහ.

|