ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාකා ‘මියැසි රාවය’ නෙළුම් පොකුණේ දී

29th November 2016

ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානය ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ඒකකය සමඟ එක්ව ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ඉරිදා (27) දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී දැවැන්ත සංගීත සංදර්ශනයක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි රසිකා රාජකරුණා මහත්මිය විසින් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය පිළිගත් අතර, මෙහි විශේෂ ආරාධිත ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

එමෙන්ම මෙම ප්‍රසංගය ආචාර්ය වික්ටර් රත්නායක, ටි.එම්. ජයරත්න, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනි, උමාරියා සිංහවංශ යන ප්‍රවීන ගායන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් අලංකාරවත් වූහ.

|