පරිසරය හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට මධ්‍යම භට පිරිස් දායක වේ
28th November 2016
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කේ.බි.ඒ.එම්.එස්. අබේකොන් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ මෙන්ම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ජාතික වැඩසටහනක් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත සිකුරාදා (25) දින බිංගේතැන්න ග්‍රාම නිලධාරී වසමේ දී පවත්වන ලදි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හලුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය, පොලිසීය සහ සිවිල් සංවිධානවල සම්බන්ධිකරණයෙන් පැවැත් වූ මෙම වැඩසටහනේ දී යුද හමුදා සාමාජිකයින් 180 ක් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු සිවිල් වැසියන් විශාල පිරිසක් විසින් බිංගේතැන්න ප්‍රදේශයේ පැළ 500 ක් පමණ රෝපනය කරන ලදි.
එහිදි මැණික්කන්ද විමලගිරි විහාරවාසී පූජ්‍ය ඇල්ලේවල සෝභිත ස්වාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කළ අතර, හපුතලේ ප්‍රාදේශීය ලේකම් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී පරිසර පද්ධතියට ඇතිවන සඵලදායිතාවය පිළිබඳ විග්‍රහ කරමින් සමාරම්භක දේශනය පැවැත්විය.
එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ඇතුලු රාජ්‍ය නිලධාරීන්, අනෙකුත් සහභාගිවූවන් සහ යුද හමුදා භට පිරිස්හි සහභාගිත්වයෙන් මෙම පැළ රෝපනය සිදු කරන ලදි.
|