ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 65 වන සංවත්සර සැමරුමේ මුලික කටයුතු සුදානම් කෙරේ
5th November 2016
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු 65 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (04) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සැමරුම් වැඩසටහන් මාලාවක් ආරම්භ කෙරිනි.
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ත සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර ගේ ආරාධනයට අනුව මෙම අවස්ථාව සදහා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සි.පි ගුණතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
රට වෙනුවෙන් දිවි පිදු සියළුම ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන් සැමරීම දිනයේ විශේෂත්වයයි.
මෙහිදි මධ්‍යස්ථාන සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායක පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරු ස්මාරකය පරිශ්‍රයේ දී විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා පහන් දැල්වීමෙන් අනතුරුව පුෂ්පෝපහාර දක්වමින් දිවි පිදු රණවිරුවන් සිහි කරන ලදි. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා මෙන්ම, මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ද එක්ව සිටියහ.
අනතුරුව බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමික කටයුතු සිදු කළ අතර, එම අවස්ථාව සඳහා සියලුදෙනාම සහභාගි වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කිරීමෙන් අනතුරුව, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, මධ්‍යස්ථ සේනාවිධායක, විශ්‍රාමික ඉංජිනේරු බලකා ප්‍රවීණයන්, ඒකක අණදෙන නිලධාරීවරුන්, ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක, රෙජිමේන්තු බලලත් නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ද සිය ගෞරව දක්වන ලදි.
සිකුරාදා (4) දින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත් වු අතර, පසුදා (5) උදෑසන හීල් දානය ලබාදිමෙන් අනතුරුව සංවත්සර උත්සවයේ සමාරම්භක වැඩසටහන් නිමාවට පත්විය.
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්, සේවයේ නියුතු නිලධාරින්, මිය ගිය රණවිරුවන්ගේ ළගම ඥාතින්, සෙසු නිලයින් විශාල පිරිසක්, දෙමාපියන්, සිවිල් ජනතාව සහ ආරාධිතයින් මෙම අවස්ථාව සඳහා එක් ව සිටියහ.
|