මිත්‍ර ශක්ති පුහුණූලාභීන් හට විනෝදාත්මක දිනයක්
3rd November 2016
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි දී යුද බාධක තරණය කිරීමේ කණ්ඩායම් තරඟාවලියක් පැවැත් වූ අතර, ඒ සඳහා කණ්ඩායම් දෙකෙහිම සාමාජිකයින් මිශ්‍ර වී නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10 ක් සහභාගි වූහ.
එම අභ්‍යාසයේ ඊලග සැසිවාරයේදී භට පිරිස් විසින් දේශණ සඳහා සම්බන්ධ වූ අතර, අනතුරුව කමාන්ඩෝ භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද සැඟවුණු ත්‍රස්තවාදින් වැටලීමේ නිදර්ශණයක් ද නරඹන ලදි.
පුහුණු ලාභීන් විසින් කමාන්ඩෝ භට පිරිස් ඉදිරිපත් කළ සතුරාට ප්‍රහාර එල්ල කිරීම සහ සතුරු ප්‍රහාරයෙන් මිදීයාම පිළිබඳ නිදර්ශනයක් නැරඹිමෙන් අනතුරුව ප්‍රයෝගිකව එම දක්ෂතාවයන් පිළිබඳව දැනුම ප්‍රදර්ශනය කරන ලදි.
එදින සන්ද්‍යාවේ මෙම පුහුණුලාභීන් කණ්ඩායම් 4 කට බෙදී ක්‍රිකට් සහ වොලිබෝල් ක්‍රීඩා කරන ලද අතර, එම තරඟවල දී පහත සඳහන් ක්‍රීඩකයින් ඒ ඒ අංශයන් තුලින් දක්ෂතම ක්‍රීඩකයින් බවට පත් විය.
විශිෂ්ඨ දස්කම් දැක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පහත පරිදි වේ:
දක්ෂතම පිතිකරු - ලාන්ස් කෝප්‍රල් පි.එච්.ඒ.ආර්. චන්දිමාල්
දක්ෂතම පන්දුයවන්නා - මේජර් කේ.ඒ.ඒ.කේ. කරුණාරත්න
දක්ෂතම පන්දු ඔසවන්නා - කෝප්‍රල් කේ.ඩි.ජේ.පි. නිශාන්ත
දක්ෂතම ප්‍රහාරක - ලාන්ස් කෝප්‍රල් එස්.වි.එම්.ඩි.ආර්. සේමසිංහ
විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ඉන්දීය ක්‍රීඩකයින් පහතින් දැක් වේ.
දක්ෂතම පිතිකරු - රයිෆල් සෙබල දුෂාන්ත සිං
දක්ෂතම පන්දුයවන්නා - රයිෆල් සෙබල රාජ් සිං
දක්ෂතම පන්දු ඔසවන්නා - ලාන්ස් නයික් මෙක් බාබර් තාපා
දක්ෂතම ප්‍රහාරක - රයිෆල් සෙබල ඉබ්‍රහිම් ඛාන්
මෙම ක්‍රීඩා තරඟ අවසානයේ දී ජයග්‍රහකයින් හට ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදු කෙරිනි.
අඟහරුවාදා (01) දින මෙම භටපිරිස් ත්‍රිකුණාමලයහි පිහිටි කොනේශ්වරන් හින්දු කෝවිලේ වන්දනා චාරිකාවකට සහභාගි වි අනතුරුව ත්‍රිකුණාමල නාවික කඳවුරේ පැවති විශේෂ යාත්‍රා බලඝණ නිදර්ශනය නැරඹිමට එක් වූ අතර, මාබල් බිච් සහ කින්නියා පාලම ද නරඹන ලදි. තවද ඔවුන් සඳහා 221 බලසේනා මුලස්ථානය විසින් මාබල් බිච්හිදි දිවා භෝජන සංග්‍රයක් ද සංවිධානය කර තිබුණි.
|