ගස කඩා වැටිමෙන් පසු A-9 මාර්ගය යථාතත්වයට පත්කිරීමට භට පිරිස්හි සහාය
3rd November 2016
කිලිනොච්චි නගරය ආසන්නයේ A-9 මාර්ගයට කඩා වැටි ඇති විශාල ගසක් ඉවත් කිරීම සඳහා කිලිනොච්චි භට පිරිස් සිය සහයෝගය දක්වන ලදි.
කිලිනොච්චි නගරය ආසන්නයේ මෙම යෝධ ගස කඩා වැටි තිබිම නිසා A-9 මාර්ගයේ ප්‍රවාහන කටයුතු සඳහා බාධා පැමිණෙන ලදි.
ඒ අනුව 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත එම භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව එම ගස ඉවත් කිරීම සිදු කෙරිනි.
අධික වර්ෂාව හා සුළඟ හේතුවෙන් මෙම ගස කඩා වැටි ඇත.
|