විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ට විසදුම්
1st November 2016
(මාධ්‍ය නිවේදනය)
නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12 සේවයකට පෙර) හමුදා සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්වන ලද උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉල්ලීම පිළිබදව අවධානය යොමුකොට ඒ සඳහා අවැසි සියළුම පාලනමය කටයුතු සිදුකරමින් පවතින අතර, මෙම ආබාධිත රණවිරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් 2017 වර්ෂයේ පෙබරවාරි මස වන විටදී ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.
මේ වන විටද මෙම ආබාධිත රණවිරුවන් හට ඔවුන්ගේ සමකාලීනයන්ට මෙන්ම වැටුප් හා දීමනාවන් ලබාදෙනු ලබන අතර, ඊට අමතරව දුබලතා වැටුපක්ද ලබාදෙනු ලබයි. මෙතෙක් මෙම දුබලතා වැටුප වසර 55 දක්වා පමණක් ලබාදෙනු ලැබුවද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය මත එම දුබලතා වැටුප ඔවුන්ගේ මුළු ජීවිත පුරාවටම බලපාන පරිදි ලබාදීමට කටයුතු සිදුකර ඇත.
එමෙන්ම මෙම ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් හට අවශ්‍ය බාහිර හා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් හමුදා රෝහල් වෙතින් අඛණ්ඩව ලබාදෙනු ලබයි.
තවද, නිළධාරීන් සහ සෙසුනිළයින් වෙනුවෙන් ඉටුකරනු ලබන සුභසාධන කටයුතුවලදී ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් එම අවශ්‍යතාවයන් උදෙසා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරනු ලබයි. (නිමාව)
|