ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් වෙනුවෙන් යුද හමුදා මුලික රෝහලේ ඉදිකළ නව දන්තශල්‍ය ඒකකය විවෘත කෙරේ

1st November 2016

යාපනය අර්ධද්වීපයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ දන්තශල්‍ය ඒකකයක පලාලි යුද හමුදා මුලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද අතර, එය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (31) උදෑසන විවෘත කරන ලදි.

දත් දිරායාම, දත් කුහරයන්, පිරිසිදු කිරීම සහ සැත්කම් ආදිය සිදු කරමින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් වෙත ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකරන ලද මෙම කුඩා දන්තශල්‍ය ඒකකය සඳහා රුපියල් මිලියන 5 ක් වැය වි ඇත.

යුද හමුදා මුලික රෝහලේ අණදෙන නිලධාරී මේජර් එම්.එස්. නියාස් විසින් එහි පැමිණි යුද හමුදාපතිතුමා පිලිගත් අතර, යුද හමුදාපති විසින් ඵලකය නිරාවරනය කර ඒකකය විවෘත කිරිම සිදු කෙරිනි. ඉන් අනතුරුව යුද හමුදාපතිතුමා මෙම නව ඒකකය සහ එහි උපකරණ පිළිබඳ සොයාබලන ලදි.

එමෙන්ම යුද හමුදාපතිතුමා විසින් යුද හමුදා මුලික රෝහලේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට පෙර යුද හමුදා මුලික රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍ය නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් නිර්මාල් කොස්වත්ත, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

|