සීපීආර් වැඩමුළුව මගින් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් දැනුවත් කෙරේ
26th October 2016
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරණ දෙපාර්තමේන්තුව මගින් හෘද පෙනහළු පණගැන්විම පිළිබඳ වැඩමුළුවක් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් සඳහා පවත්වන ලදි.
යුද හමුදාපතිගේ ආශිර්වාදයෙන් යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ මඟපෙන්විම යටතේ යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂක කර්නල් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු විසින් රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් දියත් කරනු ලබන වෛද්‍ය දැනුම ලබාදීමේ වැඩසටහන යටතේ මෙම වැඩමුළුව යුද හමුදා රෝහල මඟින් පවත්වන මාසික වැඩමුළුවලින් එක් කොටසක් ලෙස පැවැත් වේ.
ඒ අනුව මෙය එම ව්‍යාපෘතිය යටතේ පවත්වනු ලැබූ 21 වන වැඩමුළුව වේ.
ලෝක මට්ටමින් පිළිගත් යුරෝපිය රිසස්සිටෙෂන් කවුන්සිලයේ මඟපෙන්වීම යටතේ මෙම වැඩමුළුව නිර්වින්දන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කර්නල් ධවල පෙරේරා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චම්පික අබේසිංහ විසින් පවත්වන ලදි.
මෙම වැඩමුළුව සඳහා පුහුණු ලාභීන් ලෙස සහභාගි වූ මේජර් යසා පතිරන, වෛද්‍ය කේ.යු. මධුෂංක සහ වෛද්‍ය එස්. විද්‍යාසාහාරන් විසින් මෙහි වැදගත්කර පැහැදිලි කරන ලදි.
|