‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය ආරම්භ වේ

24th October 2016

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියන් යුද හමුදාව සමඟ එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳුදා (24) දින පස්වරුවේ අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී  ආරම්භ කරනු ලැබීය.

‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය 2016 නොවැම්බර් මස 6 වන දින දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉන්දියන් යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ පාබල හමුදා රෙජිමේන්තු භට පිරිස් සමගින් යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සහභාගිවීමට නියමිතය.

මෙම අභ්‍යාසයෙහි සමාරම්භක අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ඒ.එල් රත්නායක අභ්‍යාසය සඳහා සහභාගිවූවන් අමතමින් අභ්‍යාසයෙහි සමස්ථ ක්‍රියාකාරකම් හදුන්වා දෙනු ලැබීය.

අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද 4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ 2016 නොවැම්බර් මස 6 වන දින නිමාවීමට නියමිතය.

|