යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 ආරම්භ වේ
12th October 2016
19 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (12) උදෑසන දියගම ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, ඒ සඳහා ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 ක් පමණ සහභාගි වූහ.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පි.ජේ.අයි. පෙරමුණගේ සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
යුද හමුදාවේ ආබාධිත විවිධ හැකියාවන් සහිත විරුවන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා වැඩිදියුණු කර ගැනීමෙන් අරමුණින් යුතුව යුද හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය 1991 දී ආරම්භ කරන ලදි.
දින තුනක් පූරා පැවැත්වෙන මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වේ.
මෙහිදි කාණ්ඩ 08 ක් යටතේ මීටර් 100, මීටර් 200, මීටර් 1500, උස පැනීම, තුන්පිම්ම, හෙල්ල විසිකිරීම ආදි මලල ක්‍රීඩා ඉසව් 56 ක් පවත්වනු ලැබේ.
යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල 2016 සඳහා ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම මඟින් පුර්ණ අනුග්‍රහය ලබාදෙයි.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ අධික්ෂණය යටතේ 19 වන වරටත් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලදි.
|