නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා පානීය ජලය සැපයීම යුද හමුදාවෙන්

5th October 2016

වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, තමන්කඩුව, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්රිදේශයන්හි නියං සමය හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ඔවුන්ගේ වතුර බවුසර් උපයෝගි කර ගනිමින් පානීය ජලය සැපයීම සිදු කරන ලදි.

ඒ අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිුෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විමෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පීඩාවට පත් පවුල් 18,951 ක 70,431 කට අධික පිරිසක් වෙත පානීය ජලය ලබාදෙන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යු. විජේරත්න විසින් මෙම වැඩසටහන නිරීක්ෂණය කරමින් නියඟයෙන් වැඩිපුර හානියට පත් වූ ජනතාව සොයා බලා ඔවුන් වෙත ජලය ලබා දීම තව තවත් පුළුල් කරන ලෙස තම භට පිරිස් වෙත උපදෙස් ලබා දී ඇත.

යුද හමුදාපතිගේ උපදෙස් මත මෙම හදිසි සහන සේවාව 2016 සැප්තැම්බර් මස 21 වන දින ආරම්භ කරන ලදි.

|