‘දියකාවා යුද අභ්‍යාසය - VII’ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී
25th September 2016
‘දියකාවා යුද අභ්‍යාසය - VII’ සමාප්ති උත්සවය (24) පස්වරුවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති අතර, අභ්‍යාසය සඳහා සහභාගි වූවන් සහ නිරීක්ෂකයන් මධ්‍යයේ සහතිකපත් ප්‍රදානය සිදුකරන ලදි. සන්ධ්‍යාවේ පැවැති මෙම උත්සවයේ දී සහභාගි වූවන් සඳහා සහතිකපත් ප්‍රදානය අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් සිදුකලහ. මෙම අභ්‍යාසය සඳහා පාබල සෙබලුන් 2500 ක්, නාවික සෙබලුන් 638 හා ගුවන් සෙබලුන් 506 දෙනෙක් ද සහභාගි වූහ. මේ සඳහා බහුතර පිරිසක් යුද හමුදා කමාන්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස් වේ. බංගලාදේශය, චීනය, ඉන්දියාව, සුඩානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා නියෝජිතයින් 58 දෙනෙක් සහභාගිවන්නන් හෝ නිරීක්ෂකයින් ලෙස සහභාගි වූහ.