යුද හමුදා ක්‍රිකට් තවදුරටත් ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කෙරේ

22nd September 2016

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේ දී ඇති වූ සීග්‍ර වර්ධනයත් සමඟ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ උනනතිය සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් අද (22) උදෑසන යුද හමුදා ක්‍රිකට් කමිටුව වෙත රුපියල් මිලියන 05 ක පරිත්‍යාගයක් සිදුකරන ලදි. යුද හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් පී.ඩබ්.බි. ජයසුන්දර යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති හමුවීමෙන් අනතුරුව ඔහු එම චෙක් පත පිරිනමන ලදි. මෙහිදි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද හමුදා ක්‍රිකට් හි ප්‍රගතිය විමසා බැලු අතර ජාතික මට්ටමේ ක්‍රීඩකයන් යුද හමුදාව තුලින් බිහි කිරිමට නම් ක්‍රිකට් කමිටුව වෙත විශාල වගකීමක් පැවරී ඇති බව වැඩිදුරටත් දන්වා සිටින ලදි. මෑත දී යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් ලබාගත් ජයග්‍රහණ කිහිපයක් පහත සඳහන් පරිදි වේ; අ. ජුනි මාසයේ කොළඹ එම් සී ඒ පිටියේ පැවති පැවති කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී, යුද හමුදා කාන්තා ක්‍රිකට් 'ඒ' කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ශුරතාවය හිමිකරගත් අතර, 'බී' කණ්ඩායම පළමුපෙල අනුශූරතාවය හිමි කර ගන්නා ලදි. ආ. ජූලි මාසයේ කොළඹ සී.සී.සී. පිටියේ දී පැවති කාන්තා පළමු පෙල විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී යුද හමුදා 'ඒ' කණ්ඩායම වෙත අනුශූරතාවය හිමිවිය. ඇ. කොළඹ එස් එස් සී පිටියේ පැවති අවුරුදු 20 න් පහල පළමු පෙල සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ දී යුද හමුදා කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ඈ. ආර්.ප්‍රේමදාස පිටියේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දී යුද හමුදා කණ්ඩායම ශුරතාවය දිනා ගන්නා ලදි.