උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 24 ක් මුරලි සහයෝගිතා කුසලාන තරඟාවලිය සඳහා තරඟවදියි

21st September 2016

උතුරු සහ නැගෙනහිර සියලුම පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආකර්ශනය දිනා ගත් විස්සයි විස්ස මුරලි සහයෝගිතා කුසලාන ක්‍රිකට් තරගාවලිය කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ අඟහරුවාදා (20) දින පැවති සමාරම්භක උත්සවයෙන් අනතුරුව අද (21) උදෑසන ආරම්භ විය. පිළිවෙලින් 5 වන වරටත් මෙම මුරලි සහයෝගිතා කුසලාන තරගාවලිය යුද්ධයෙන් පීඩාවටපත් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන අතර, එම තරඟාවලිය ඉරිදා (25) දින අවසන් වේ. මෙම තරඟාවලිය, ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විශාල වශයෙන් අනුග්‍රහය දක්වන අතර, මෙහිදි යුද්ධයෙන් බලපෑම එල්ල වූ උතුරු ප්‍රදේශ පිහිටා තිබේන මාන්කුලම්, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් හි විශේෂිත පාසල් ක්‍රීඩාපිටි 05 ක දී පිරිමි පාසල් ක්‍රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා පාසල් ක්‍රිකට් කණ්ඩායම් 8ක් තරඟවදිනු ඇත. එනමුත් කාන්තා කණ්ඩායම් මාන්කුලම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පමණක් තරඟ කරනු ලැබේ. අඟහරුවාදා (20) දින පැවති මෙහි සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර, කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුණ ජය සතුට පදනමේ නිලධාරීන්, කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, තරඟාවලිය සඳහා සහභාගිවන්නන්, පාසල් පුහුණුකරුවන් සහ ගුරුවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙහි අවසන් පූර්ව තරග සෙනසුරාදා (24) දින පැවැත්වෙන අතර, අවසන් මහා තරඟය ඉරිදා (25) දින සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ. තවද, සමාරම්භක උළලේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් කරුණාසේකර විසින් නැඟිඑන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇමතු අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්කම සහ ක්‍රීඩාවන්ට සාමූහිකව සහභාගීවීම තුලින් සහජීවනය හා සමගිය වර්ධනය වන බවද අවධාරණය කරන ලදි.