භට පිරිස් වෙතින් මහලු කතක් සහ ඇගේ දියණිය සඳහා නව නිවසක්

19th September 2016

ඉතා මහලු කාන්තාවක් සහ ඇගේ 55 වියැති අවිවාහක දියණියක් ඉතාමත් අසරණභාවයෙන් යුතුව දිවිගෙවිම සම්බන්ධයෙන් වූ සංවේදි විස්තරයක් දෙනික සිංහල පුවත්පතක පලවීමත් සමග නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 17 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් වැලිකන්ද ප්‍රදේශයේ ‍ඔවුනට නව නිවසක් ඉදි කිරීමට ශ්‍රම‍දායකත්වය ලබාදුන් අතර, ඒ සඳහන් ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙකු විසින් අනුග්‍ර‍හය දක්වන ලදි. පුවත්පතෙහි පළ වු විස්තරය පිළිබද සොයා බැලු නැගෙනහිර ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න විසින් ඒ සඳහා ඇහැළියගොඩ ප්‍රදේශයෙන් අනුග්‍ර‍හයෙකු සොයා ගත් අතර, 23 වන සේනාංක භට පිරිස් විසින් ශ්‍ර‍ම දායකත්ව දැක්විම සිදු කෙරිනි. මාස කිහිපයක් ඇතුළත මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කළ අතර, සනත් ප්‍රේමරත්න මහතා විසින් රුපියල් මිලියන 1.3 ක ආධාර මුදලක් ද, භට පිරිස් විසින් සිය ශ්‍රමය දායකත්වය ද ලබාදෙන ලදි. මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීන් වූ මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් බදාදා (14) දින පැවති උත්සවයේ දී නිල වශයෙන් මෙම නව නිවස භාරදීම සිදු කරන ලදි. මෙහිදි ඩි.ආර්. සෝමාවතී මහත්මිය (81), සහ ඇගේ දියණිය විසින් ඔවුන් වෙනුවෙන් සිදු කළ මෙම කටයුත්ත පිළිබද යුද හමුදා භට පිරිස් පිළිබඳ මහත් ඉහළින් කතා කළ අතර, ඊට දායක වූ සහ එම ආධාර ලබාදුන් සියලු දෙනා වෙත සිය ස්තුතිය ද පුද කළේය. නැගෙනහිර ආරකෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මේ සඳහා ආධාර ලබාදුන් සනත් ප්‍රේමරත්න මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.