කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් වූවන් සඳහා ගෑස් කුකර් සහ සිලින්ඩර්
15th September 2016
කොස්ගම ඇති වූ පිපිරීමෙන් විපතට පත් වූ ප්‍රදේශවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු භට පිරිස් සහ අනෙකුත් යුද හමුදා සාමාජිකයින් විසින් විපතට පත් පවුල් 311 ක් සඳහා ගෑස් කුකර් සහ සිලින්ඩර් බෙදා දීම සිදු කරන ලද අතර, ඒ සඳහා දායකත්වය ලිට්රෝ ගෑස් ආයතනය විසින් ලබා දී ඇත. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා විසින් රුපියල් මිලියන 2 ක් පමණ වටිනා මෙම භාණ්ඩ තොගය (14) සන්ධ්‍යාවේ හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති චාම් උත්සවයක දී බෙදා දෙනු ලැබීය. මෙහි සම්න්ධිකණය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලදී. සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා, ලිට්රෝ ගෑස් ආයතනයේ වෙළඳ කළමණාකරු චමින්ද එදිරිවික්‍රම මහතා, සම්බන්ධීකරණ නිලධාරී කර්නල් හේමන්ත පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ විපතට පත් වූ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට එක් විය. යුද හමුදපතිතුමාගේ ආශිර්වාදයෙන් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහගේ සෘජු දායකත්වය යටතේ 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ. මෙහිදී ගරු අමාත්‍ය විජේවර්ධන විසින් ගෑස් කුකර් සහ සිලින්ඩර් ලැබූවන් හට සුභපැතුම් ද එක් කරනු ලැබීය.