අභ්‍යාස අධ්‍යක්ෂක දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් ප්‍රහාර සූදානම නිරීක්ෂනයක
15th September 2016
දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් අදියර මේ වන විට වෙරුගල්, සීගිරිය, ලාහුගල සහ වඩ්ඩුවාන් යන ප්‍රදේශයන්හි සිදු කෙරෙමින් පවතී. දියකාවා අභ්‍යාසයෙහි අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බ්‍රහස්පතින්දා (15) එම අභ්‍යාසයෙහි අවසන් අභ්‍යාස සිදු කරනු ලැබූ ස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, පවත්වාගෙන යනු ලබන පුහුණූ සැසි සහ සූදානම්වීම් නිරීක්ෂණය කරන ලදී. දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් අභ්‍යාස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යුතුව දියකාවා අභ්‍යාස මූලස්ථානය, දියතලාව යුද හමුදා පුහුණු අණසක, සහ යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුතුව අඟහරුවාදා (20) උදෑසන තිරියාය ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
 
            
           
             
             
            