නික්ම යන ගුවන් හමුදාපතිවරයා වෙත යුද හමුදාපතිතුමාගෙන් සුභපැතුම්
15th September 2016
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සේවයෙන් විශ්‍රාම යනු ලැබූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල වෙත අඟහරුවාදා (13) දින යුද හමුදා මූලස්ථානයේ දී සිය සුභ පැතුම් එක් කරනු ලැබීය. එහිදී යුද හමුදා මූලස්ථාන බලඇණියෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් අනිල් සෝමවීර විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපතිතුමා විසින් ගුවන් හමුදාපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හදුන්වා දෙනු ලැබීය. යුද හමුදාපතිවරයා සහ නික්ම යන ගුවන් හමුදාපතිවරයා අතර පැවති හමුවේ දී සිය රාජකාරී කාල සීමාව තුළදී රටේ ආරක්ෂාව සම්බන්දව තම හමුදාවන් සිදු කරනු ලැබූ කාර්ය භාරයන් සහ සහයෝගීතාවය සිහිගන්වමින් සුහඳ පිළිසඳරක ද නිරත විය. මෙම සුහඳ හමුව අවසානයේ දි නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල හා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, යුද හමුදා මූලස්ථායෙන් නික්ම යාමට ප්‍රථම ගුවන් හමුදාපතිවරයා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.