කිළිනොච්චි සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දේ

14th September 2016

කිළිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා කෘතිම පාද බෙදා දීමේ තවත් එක් අදියරක් යුද හමුදා භට පිරිස් විසින් කුන්ඩසාලේ ආබාධිතයන් සඳහා වූ මධ්‍යස්ථානය සමඟ එක්ව සංවිධානය කරනු ලැබීය. එහිදී කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රදේශයේ සිවිල් බලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හා සම්බන්ධයෙන් යුතුව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලියන් තෝරා ගත් අතර, වෛද්‍ය නිලධාරීන්ගේ උපදේශකත්වයෙන් කෘතිම පාද සඳහා අවශ්‍ය මිනුම් ලබා ගනු ලැබීය. කිළිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේ දි රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් කෘතිම පාද බෙදා දීම සිදු කළ අතර, කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මෙහි ප්‍රධානත්වය දැරූ අතර, කුණ්ඩසාලේ අබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ විකලාංග වෛද්‍ය එස්.එස් අත්තනායක ඇතුළු ඔහුගේ කණ්ඩායම ඒ සඳහා අනුග්‍රහය දැක්වීය. මීට පෙර එනම් ජුලි මස 15 වන දින මෙවැනිම ව්‍යාපෘතියක් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීම සිදු කරන ලදී. මෙම වැඩසටහන 57 වන සේනාංකය, 571 බලසේනාව සහ 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන, 571, 572 573, 574 බලසේනාධිපතිවරුන්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි විය.