දියකාවා යුද අභ්‍යාසයෙහි ආරක්ෂක නිවාස නිදර්ශණ වැටලීම් හා ගුවන් සංක්‍රමණ ප්‍රහාර දියත් කරයි
13th September 2016
වැලිකන්ද සිංහපුර ප්‍රදේශයෙහි ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයෙහි විශේෂ බලකා කුඩා භට කණ්ඩායම් නිදර්ශණ අභ්‍යාස, සතුරු කඳවුරු සහ ආරක්ෂිත නිවාස වැටලීම් (13) උදෑසන සිදු කරනු ලැබූ අතර, මෙම අභ්‍යාසය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 3458 දෙනෙකු සහ විදේශිය හමුදා නියොජිතයින් 58 දෙනෙකු සහභගි විය. නිදර්ශණ වැටලීම් සඳහා සහභාගි වූ භට පිරිස් විසින් සතුරන් ජීවග්‍රහයෙන් අල්ලාගත් අතර, ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහයෙන් එම පිරිස් මෙහෙයුම් මූලස්ථානය වෙත රැගෙන එන ලදී. මඩකලපුව වට්ටුවාන් ප්‍රදේශයේ ද මේ හා සමාන අභ්‍යාසයක් කමාන්ඩෝ භට පිරිස් විසින් සිදු කළ අතර ඒ සඳහා ගුවන් හමුදා භට පිරිස් සහය ද ලබා දී ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ආශිර්වාදයෙන් යුතුව මෙම අභාසයෙහි සැලසුම් හා ක්‍රියාත්මක කිරීම් දියකාවා අභ්‍යාස මූලස්ථානය සහ දියතලාව යුද හමුදා පුහුණු අණසක වෙතින් සිදු කළ අතර, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මෙම අභ්‍යාසයෙහි පුහුණූ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.