කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු කුඩාඔය හිදි විසිරයයි
11th September 2016
ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විශේෂ ක්‍රියාන්විත සහායක කණ්ඩායම් පුහුණුව ලැබු කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු සෙනසුරාදා (10) දින වර්ණවත් විසිරයාමේ පෙළපාලියකදි විසිරයනු ලැබුහ. එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති නියෝජනය කරමින් යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම සහභාගි විය. කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව විසිරයනු ලැබුවන් ප්‍රධාන ආරධිත අමුත්තා වෙත සම්මාන ආචාර පිරිනැමු අතර, අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පෙළපාලියේ අණදෙන්නා වන කපිතාන් වයි.එම්.එස්. යාපා සමග පෙළපාලිය නිරික්ෂණය කරන ලදි. මෙදින පැවති විසිරයාමේ පෙළපාලියේදි මෙම කාන්තා නිලධාරිණින් සහ කාන්තා සෙබළියන් විසින් රැස්ව සිටි විශාල පිරිස ඉදිරියේ නිදර්ශක අභ්‍යාස, වෙඩි තැබිම්, මෝටර් සයිකල් ධාවන, ප්‍රභු ආරක්ෂාව, නිරායුධ සටන් ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාව සදහා ඔවුන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන්, ජේ්‍යෂ්ඨ නිලධාරින් ද එක්ව සිටියහ. කමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ප් නුගේරා විසින් කෙටි දේශණයක් සිදුකරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ සහභාගිවුවන් පිළිගන්නා ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා වු මේජර් ජෙනරාල් ජනක වල්ගම විසින් කෙටි දේශණයක් සිදුකරමින් විසිරයන්නන් හට සුභ පැතුම් එක් කරන ලදි. විසිරගිය කාන්තා නිලධාරිණියන් සහ සෙබළියන් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදි මාස 05 ක පමණ සාර්ථක පුහුණුවක් නිමකර ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය සදහා සුදානම්ව සිටි.