දියකාවා අභ්‍යාසයේ පැරෂුට් මෙහෙයුම් ආරම්භ වේ

11th September 2016

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයවීම මත දියකාවා අභ්‍යාසය V1I - 2016 යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සමගින් විදේශීය සහභාගිවන්නන් සහ නිරික්ෂකයින් 58 දෙනෙකු සමගින් කෝකිලායි ප්‍රදේශයේ දි ක්‍රියාත්මක වේ. මෙම අභ්‍යාසය සැප්තැම්බර් 04 දින ආරම්භ වි සැප්තැම්බර් මස 20 වන දින අවසන් වේ. බදාදා 06 වන දින විශේෂ බලකායට අයත් පැරෂුට් භටයින් 06 දෙනෙකු විසින් වෙරුගල් ප්‍ර දේශයේ සතුරු නිදර්ශණ කදවුරු නිරික්ෂණය කරමින් පැරෂූට් මගින් පතිත විම සිදුකල අතර, තවත් කොම්බැට් හෙලි රැෆ්ලින් අභ්‍යාසයක් විශේෂ බලකායට අයත් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 02 ක් මගින් වැලිකන්ද ප්‍රදේශයේදි සිදුකරන ලදි. මෙම අභ්‍යාසය පුල්මුඩේ සිට ආරුගම්බේ උතුරු ප්‍රදේශය දක්වා නිදර්ශණ නාවික සහ ගුවන් ක්‍රියාන්විත වලින් සමන් විත වන අතර 2009 මැයි මස දි සිදුකල ලෝකයේ විශාලතම මෙන්ම සාර්ථකම මානුෂිය මෙහෙයුම සදහා දායක වු යුද්ධ හමුදාවේ විශේෂ ක්‍රියාන්විත හැකියාවන් සහ යුද සුදානම වර්ධනය කිරිමට මෙමගින් අවස්ථාව ලැබේ. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ මෙම අභ්‍යාසයේ සැලසුම් හා ක්‍රියාත්මක කිරිම දියතලාව පිහිටි යුද හමුදා පුහුණු අණසක සහ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකෙරේ.