කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය 9 වන ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016 ආරම්භ වේ
9th September 2016
‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික සම්මන්ත්‍රණය, නීතිය හා සාමය, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) උදෑසන එම විශ්ව විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය. මෙම දෙදින සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 8 සහ 9 යන දිනයන්හි දේශීය සහ විදේශීය විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වේ. මෙහිදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අදිමිරාල් ජේ.ජේ. රණසිංහ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව පිළිගැනීමේ කතාව ද සිදු කරන ලදි. අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා විසින් මෙම සම්මන්ත්‍රණයේ මූලාසන දේශනය පවත්වමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් සිදුවන සේවාවන් සහ රටක ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම ද මෙහිදි අවධාරණය කරන ලදි. මෙවර සැසිවාර සඳහා ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජැමෙයිකාව, ජර්මනිය, චීනය, ස්වීඩනය, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින යන රවල් නියෝජනය කරමින් විද්වතුන් රාශියක් සහභාගි වේ. මෙහිදි දේශීය සහ විදේශීය ඉදිරිපත් කරන්නන් 250 ක් පමණ ඔවුන්ගේ දැනුම සහ පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කරන අතර, මෙවර සම්මන්ත්‍රණය සඳහා සිදු කරන ලද පර්යේෂණයන්හි සංක්ෂිප්ත වාර්තාවන් 450 කට අධික ප්‍රමාණයකින් වාචික ඉදිරිපත් කිරීම් 212 ක් සහ පෝස්ටර් ඉදිරිපත් කිරීම් 83 ක් ඇතුලු 295 ක් තෝරා ගෙන ඇත. මෙම ආරම්භක සැසිය සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති සහ දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගි වූහ.