පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි යුද හමුදාපති හමුවේ
8th September 2016
පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි ලුතිතන් ජෙනරාල් නසීල් අමීඩ් බුට් සමගින් ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් බදාදා (07) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එම සුහඳ හමුවේ දී දෙපාර්ශවය අතර පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වැදගත් කරුණු සහ ශ්‍රී ලංකාවේ හමුදා පුහුණු ආයතන පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ලැබීය. මෙම හමුව අවසානයේ ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.