ප්‍රචණ්ඩත්වය අඩු කිරීමට කියවිය යුතුය
3rd September 2016
ශ්‍රී ලංකා ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රාම් මලික්කාලිංහම්, සිකුරාදා (2) උදෑසන ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ පැවති කොළඹ ආරක්ෂක සමුළුව - 2016 අමතමින් සාමය මුදුන් පමුණුවා ගැනීමටනම් ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සුදුසු බව පවසනු ලැබීය. ගැටුම් පවතින සන්නද්ධ කණ්ඩායම් රාජ්‍ය සහ ජාත්‍යාන්තර සංවිධාන පසුකරමින් ඉදිරියට යන ප්‍රායෝගික අත්දැකීම් ඔබටත් ඇති. එසේනම් වෙනත් ආකාරයකින් ප්‍රචණ්ඩත්වය අඩු කර සාමය උදා කර ගත යුතු වේ. මිනිසුන් නුසුදුසු ක්‍රියාකාරකම් කරන අතර, යහපත් මිනිසුන් පවා එසේ කරනු දැකිය හැක. මෘදු බලය යනු කලහකාරී නොවන පරිදි ලද අත්දැකීම් උපයෝගීකරගනිමින් ඉදිරි වැඩ කටයුතු කිරීම මෙහි අවශ්‍යතාවයයි මෙම සංවාදය උපදේශක කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය අඩු කිරීමට දේශපාලන සංවාදයක් සඳහා පහසුකම් සැලසීමට ස්වාධින සංවිධානයක් වේ. අපි නිර්මාණය හෝ ගැටුම් පවතින සන්නද්ධ කන්ඩායම් රජය හා ජාත්‍යාන්තර සංවිධාන අතර දේශපාලන සංවාද ඉදිරියට ගෙනයා යුතු වේ. පසුව ඔහු සාකච්ඡාවට බදුන් කලේ බාස්ක් ප්‍රදේශයේ ඇති වුණු ගැටුමට හේතු වූ අරමුණු සහ හේතු කාරණා පිලිබඳවයි. ප්‍රංශය සහ ස්පාඤ්ඤයෙහි මායිමේ ඇති ප්‍ර දේශයක් ලෙස මෙම බාස්ක් නම් ප්‍රදේශය හදුනාගෙන ඇත. එය අත්ලාන්තික් මුහුද තීරයේ පිහිටි ප්‍රාන්ත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ භාෂාව, සංස්කෘතිය පිළිබඳව අති වූ සංවාද හා ගැටුම් නිරාකණය කිරීම සදහා සංවාද උපදේශක කණ්ඩායම Dialogue Advisory Group (DAG) ස්වාධින ආයතනයක් වශයෙන් කටයුතු කරමින් සංවාදශිලී ප්‍රතිපත්තියක් වහයෙන් ගැටුම් නිරාකරණය කළ අයුරු මෘදු බලය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ එක් අවස්ාවක නිදසුනක් වශයෙන් ප්‍රකාශ කල හැක.