ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් රාජකාරීන් තුල ඇති ගැටලු පිළිබදව සාකච්ජා කරයි
2nd September 2016
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ 2016 බ්‍රහස්පතින්දා (1) දින ආරක්ෂක හා ආරක්ෂක සමුළුවේ (එක්සත් රාජධානිය) හිටපු සභාපති ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව ද සිය අදහස් දැක්විය. “මෙම කාර්ය ඉතා සංකීර්ණ වනුයේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව යුද හමුදාව විසින් තහවුරු කිරීමට ඉතා විශාල පරිශ්‍රමයක් දැරීය යුතු නිසාය. එය ජාත්‍යන්තර වශයෙන් ඉතා වටිනා ක්‍රියාමාර්ගයක් වන අතර, එහි එක් අදුරු පැතිකඩක් වනුයේ විදේශ ප්‍රතිපත්තින් සමග ඇතැම්විට ඇතිවන අර්බුධකාරි අවස්ථාවන් නිසාය. සාමසාධක හමුදාවන් සම්පාදනය පමණක් කිරීම තුලින් ගැටලු විසදිය නොහැකි අතර සාමසාධක හමුදාවන් අවශ්‍යවීමට ඇති හේතුන් සොයා බැලීම වඩාත් වටින බව පැහැදිලි කළේය. ඔවුන් සාමය ආරක්ෂා කරනේ නැති විටක සාමසාධක හමුදාවක ඇති අවශ්‍යතාවය කුමක්ද? රුවන්ඩාවේ සිට බොස්නියාව දක්වාත්, හයිටි සිට කොන්ගෝ දක්වාත් මෙහෙයුම් දියත් කිරීමේ දී ප්‍රශ්නකාරී තත්වයන් ඇතිවේ. “සිරස්තල - සති දෙකකට පමණ පෙර, 'දකුණු සුඩානයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් චීන එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයේ නියුතුවුවන් තුන්දෙනෙක් ඝාතනය කර ඇත.” ඒවාගේම කෙටි කාලයකට ඉහත දී මාධ්‍ය වේදීයෙක් ද ඝාතනය කර ඇත. මෙයට හේතුව කුමක්ද? 2016 ජුනි දක්වා සමස්තයක් ලෙස සාම සාධක මෙහෙයුම්හි නිරතවුවන් 3,499 ඝාතනය කර ඇත. මේ ආදි වශයෙන් උභතෝකෝටික ප්‍රශ්නයක් පැනනැගී ඇත. එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස මෙය දැක්විය හැක. සිවිල් යුද්ධ සදහා එක්සත් ජාතින්ගේ මැදිහත්වීම සෝමාලියාව, බොස්නියාව සහ රුවන්ඩාව ආදි රටවල සාමසාධක හමුදා රාජකාරී පිළිබද සොයා බැලීමේ දී ඒවා අර්බුධකාරි තත්වයන් පැනනැගි ඇත. සිවිල් ජනතාව බලපැම්වලින් සහ ප්‍රහාරවලින් මුදවාගැනීම සදහා එක්සත් ජාතීන් විධිමත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ත්‍රස්තවාදී කණ්ඩායම්, අන්තර්ජාතික අපරාධ කල්ලි, ආයුධ සන්නද්ධ ජනවර්ග ආදි විවිධ අවදානම්වලට සොල්දාදුවන් හට මුහුණ දීමට සිදු වේ. මෙම ක්‍රියාකලාප හේතුවෙන් සිවිල් ජනතාව ඉතා සංකීර්ණ තත්වයකට පැමිණ ඇති බව දක්නට ලැබේ. ” මේ ආකාරයට විවිධ උදාහරණ ගෙනහැර දක්වමින් ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව සිය අදහස් දක්වන ලදි.