සහයෝගය තුලින් ජයග්‍රහණය සහ ජාත්‍යන්තර සබඳතා මගින් සාමය ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වේ : චීන තානාපති
2nd September 2016
'මෘදු බලය' පිළිබඳ නව අරුතක් ගෙන එමින් එහි බලපෑම ආසියානු මහද්වීපයේ ව්‍යාප්තවීම පිළිබද අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු යී ෂියැංලියැන්ග්, ආසියාවේ පවතින සාමය සහ සියලු රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීමට චීනය බලාපොරොත්තු වන බව අවධාරණය කළේය. බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාළාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ හි සිකුරාදා (02) දින පැවති දෙවන දින සැසියයේ දී එක්සත් ජනපද යුද හමුදා පැසිපික් කලාපයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ග්රෙග් බිල්ටන් (ඕස්ට්‍රේලියානු යුද හමුදාව), ගේ මුලිකත්වයෙන් පැවැත් වූ විද්වත් සාකච්ඡාවේ දී ඔහු මෙම අදහස් දැක්විය. එහිදි ඔහු ‘ජාත්‍යන්තර සබදතා තුල සහයෝගය තුලින් ජයග්‍රහණය යන පදනම මත ක්‍රියාකිරීමෙන් මෘදු බලය මැනවින් විදේශ කටයුතු සදහා භාවිතා කරමින් අර්බුධකාරි ගෝලීය ගැටලු සදහා විසදුම් සෙවිමට හැකි බව ’ ප්‍රකාශ කරන ලදි. ඔහුගේ ඉදිරිපත් කිරීම පහත සදහන් පරිදි වේ. 1. මෘදු බලය යනු කුමක්ද? - කැමැත්තෙන්ම ඔබේ අඩි පාරේ ගමන් කිරීමට අන්අය යොමුකිරීමට ඇති හැකියාව 2. ජාත්‍යන්තර සම්බන්ධතාවය සමග ගනුදෙනු කිරීමේ දී චීනයේ මෘදු බලය යනු කුමක්ද? චීනයේ උපායමාර්ගය සහයෝගය තුලින් ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රියා කරන අයුරු (1) ජාත්‍යන්තර සබඳතා සමඟ කටයුතු කිරීමේදී පොදු ඉලක්ක ලෙස සියලුම දෙනාට සමාන වරප්‍රසාද හිමිවන අයුරින් කටයුතු කිරීම (2) පොදු අවශ්‍යතාවයන් සදහා ජාත්‍යන්තර සබඳතා සමඟ කටයුතු කිරීම (3) සහයෝගය තුලින් ජයග්‍රහණය කිරීම සදහා විදේශ ප්‍රතිපත්ති භාවිතා කිරීම (4) සහයෝගිතාවයෙන් ජාත්‍යන්තර සබඳතා සමඟ කටයුතු කිරීමට ඇති ප්‍රවේශය 3. චීනය මෘදු බලය පාවිච්චි කරන්නේ කෙසේද? (1) රාජ්‍යයන් අතර දේශපාලනික සබදතා වඩාත් පුළුල් කිරීමට නව ප්‍රවේශයක් සොයමින් පවතියි. 2) ආර්ථිකමය වශයෙන් නව රාමුවකට අනුව සංවර්ධනය සඳහා වැඩපිලිවෙලක් සකස් කිරීම. 3) කලාපීය හා විදේශිය වශයෙන් ආරක්ෂාව තහවුරු කිරීම සදහා ක්‍රියාකාරිව සහයෝගය දැක්විය යුතුයි 4) සංස්කෘතිකමය වශයෙන් අප විවිධ ජාතීන් අතර හුවමාරු සහ අන්යෝන්ය ඉගෙනුම් ඉහල දමා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. පැරණි චීන කියමනකට අනුව "පරම සත්‍යය හැමදෙනාගේම අභිලාෂයන් ඉටුකරයි."