එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකාව නියෝජිතවරිය 'මෘදු බලය' සහ එහි බලපෑම් පිළිබද ගෙනහැර දක්වයි
1st September 2016
හිටපු තානාපතිනි හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ 2016 සදහා බ්‍රහස්පතින්දා (1) සහභාගි වූ අතර, එහිදි මෘදු බලය සහ එයට ඇති හමුදාමය ආකර්ශනය යන තේමාව යටතේ සිය කථාව පවත්වන ලදි. එය මෙසේය. ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය ඇයගේ කෙටි ඉදිරිපත් කිරීමේ දී කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය ඇසුරෙන් මෘදු බලය පිළිබද ආර්ථික, හමුදාමය හා දේශපාලන පැහැදිලි කිරීමක් සිදු කළහ. කෞටිල්‍ය සහ සැන්සු යන දාර්ශනිකයන්ගේ විශ්ලේෂණයන්ට අනුව ආදීවාසින් යුද කලාව පිළබද සහ ද්විපාර්ශවික සබදතාවයන් තුලින් ජාතික අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා අයුරු අවබෝධ කර සිටි බවට හොදින් දන්නා කරුණකි. කෞටිල්‍යගේ මේ අර්ථශාස්ත්‍රයේ සදහන් වන පරිදි ක්‍රි.පු. 4 වන සියවසේ උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සහයෝගීතාවය, සන්ධානය, බලය පවත්වාගැනීම, අත්පත් කර ගැනීම ආදි ආකාර 05 කට අනුව ක්‍රියාකර ඇත. යුද ශක්තිය හා ආර්ථික ශක්තිය ප්‍රධාන කොටස් 02 ක් යටතේ ජාතික ආරක්ෂාවට බලපාන බව සදහන් වේ. මෙම කරුණු අප සාකච්ජාවට බදුන් කලයුතු කරුණු වේ. ඉතින් අද ලෝකය එසේ ඉතා වෙනස් වන්නේ ඇයි? දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ නැගීම නිරායුධකරණයට සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට ප්‍රධානතම හේතුව වේ. මෘදු බලයේ ඓතිහාසික ආකර්ශණය ක්‍රි.පු. 3 වන සියවසේ මෟර්ය වංශයේ අශෝක අධිරාජ්‍යයා ඉන්දිය ආර්ධද්වීප අද තමිල්නාඩු සහ කේරළ ප්‍රදේශය අත්පත් කර ගත්තේය. ඔහුගේ යුද කටයුතුවලින් අනතුරුව දහස් ගණනින් ආබාධිත වූ පිරිස දැකීමෙන් බුදුදහම වැළදගනිමින් බුදුදහම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදි. ඒ ආදි වශයෙන් ඉතිහාසයේ දී පවා මෘදු බලය ප්‍ර යෝගිකව ක්‍රියාත්මක වූ අයුරු දක්නට ලැබුනි. තවද මෘදු බලයේ ස්වාභාවය හා දෘඩ බලයට ඇති සම්බන්ධතාවය, එක්සත් ජාතීන්ගේ කාර්යභාරය, මෘදු බලයෙහි අඳුරු පැතිකඩ, මෘදු බලයෙහි සීමාවන් ආදි මාතෘකා ඔස්සේ ද ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය විසින් කරුණු ඉදිරිපත් කරන ලදි.