බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කෙරෙයි
1st September 2016
ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ඩබ්.එම්.පී. රොෂාන් සෙනෙවිරත්න 2016 අගෝස්තු මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ ඇත. හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර එතෙර පාඨමාලාවක් සඳහා තෝරාගෙන ඇති බැවින් මෙම පත්කිරීම සිදු කර ඇත. නව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මෙම පත්වීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධිකරණ නිලධාරී ලෙස කටයුතු කළ අතර, ඔහු 1985 ඔක්තෝම්බර් මස 01 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට බැඳි දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් සාර්ථක පුහුණුවකින් අනතුරුව 2 වන ලුතිතන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට එක්වීය. බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ධූර කාලය තුල සිය රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරී තනතුරු හොබවා ඇති අතර, පාබල බලසේනා සහ යාපනය ප්‍රදේශයේ කාර්ය බලකායේ අණදීම ද සිදු කර ඇත. එසේම ඔහු යුද හමුදා මුලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලයේ කර්නල් මෙන්ම බුත්තල පිහිටි නිලධාරි ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස ද කටයුතු කර ඇත. මෙම වසර 30 ක ඔහුගේ නිකලැල් යුද හමුදා දිවිය තුල කාලතුවක්කු ක්ෂේත්‍රයේ, උපක්‍රම හා මූලෝපායික මට්ටමේ විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත. එමෙන්ම චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ (එන්ඩියු) පාඨමාලාව ද හෙතෙම හදාරා ඇත. ආදර්ශවත් හමුදා දිවිය තුළ දී බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න රණ ශුර පදක්කම (ආර්එස්පී), උත්තම සේවා පදක්කම (යූඑස්පී) සහ දීර්ඝ සේවා යන පදක්කම්වලින් ද පිදුම් ලබා ඇත. මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දිප්තීමත් ආදී සිසුවෙකු වන ඔහු තම උසස් අධ්‍යාපන නිමාවෙන් පසු 1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය.