මාලබේ වෙඩි තැබිම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් වරයාගේ සේවය යුද්ධ හමුදාධිපති අත්හිටුවයි
1st September 2016
(මාධ්‍ය නිවේදනය) මාලබේ වෙඩිතැබීම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් ප්‍රදීප් කුමාරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි යුද්ධ හමුදාධිපති විසින් අත්හිටුවා ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව මූලික පරීක්ෂණ උසාවියක් කැදවීමටද යුද්ධ හමුදාධිපති විසින් නියෝග කර ඇත. මාලබේ වෙඩිතැබීම් සිද්ධිය වාර්තා වූ විගස යුද්ධ හමුදාධිපති විසින් සිද්ධියට අදාල සිවිල් පොලිස් පරීක්ෂණ වලට උපරිම සහාය ලබාදෙන ලෙස යුද්ධ හමුදා පොලීසියට සහ යුද්ධ හමුදා නීති අධ්‍යක්ෂකට නියෝග කරන ලදි. ඒ අනුව මෙවැනි බරපතල අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගනු ලබන යුද්ධ හමුදා අයවලුන් සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණ පවත්වා ඉන් වැරදිකරුවන් වන අයවලුන් හට තදින් විනයානූකූලව කටයුතු කරනු ඇත. (නිමාව)