යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාපති හමුවේ

26th August 2016

ශ්‍රී ලංකා යුද හමුදා 23 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (25) දින යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වූ අතර, එහිදි යුද හමුදාපති විසින් ඔවුන් වෙත සුභපැතුම් ද එක් කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද විස්සයි 20 ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ 23 න් පහළ පළමු පෙළ විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. මෙම හමුවේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔවුන් සමඟින් අදහස් හුවමාරු කර ගත් අතර, ඔවුන් ඇගයිමට ද ලක් කළහ. එසේම යුද හමුදාපති විසින් මෙම හමුව අවසන්වීමට පෙර ඔවුගේ අවශ්‍යතා පිළිබඳව ද සොයා බලන ලදි. යුද හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් වික්‍රමසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.