ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද හමුදාපති හමුවේ

23rd August 2016

ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලා අංක 56 හදාරන නියෝජිතයින් 17 දෙනෙකු සිය විෂය නිර්දේශයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (22) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් පි. ගෝපාලන් ප්‍රමුඛ මෙම සංචාරක නියෝජිත පිරිස ඉන්දීය ආරක්ෂක විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දීය යුද හමුදා, ඉන්දීය නාවික හමුදා, ඉන්දීය ගුවන් හමුදා, ඉන්දීය විගණන සහ ගිණුම් සේවය, ඉන්දීය පොලිස් සේවය, නේපාලය යුද හමුදා, සෞදි අරාබි ගුවන් හමුදා, කටාර් යුද හමුදා සහ බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත විය. මෙම සුහද සාකච්ජාවෙන් අනතුරුව යුද හමුදාපති සහ ඉන්දීය යුද හමුදා, ඉන්දීය ගුවන් හමුදා සහ ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. යුද හමුදා මුලස්ථානයේ පැවති මෙම සාකච්ජාවේ දී යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය භාරය පිළිබඳ එම සංචාරක පිරිස දැනුවත් කිරිමේ අරමුණින් ඉදිරිපත් කිරිමක් ද සිදු කරන ලදි.