මේරියන්ස් ‘රණවිරු මියැසි රාත්‍රිය -2016’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
22nd August 2016
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂිකව අරමුදල් රැස් කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කරනු ලැබූ මේරියන්ස් ‘රණවිරු මියැසි රාත්‍රිය -2016’ ඉරිදා (21) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාළාවේදී පවත්වනු ලැබීය. මේරියන් සංගීත රිද්මයට අනුව එම සංගීත සදෑව ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන සහ ආත්මා ලියනගේ විසින් වර්ණවත් කරනු ලැබීය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපතිගේ උපදෙස්මත එම සංගීතමය වැඩසටහන සංවිධානය කරනු ලැබීය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආරාධනයෙන් එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමගින් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය සහභාගි වූ අතර, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයෙහි සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය විසින් නයනා ද සිල්වා මහත්මිය පිළිගනු ලැබීය. එමගින් ලැබෙන ආදායම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සියලු නිලයින්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලැබේ. එම සංගීත සදෑව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශේෂ අමුත්තන් රැසක් සහභාගි වූහ.