අන්තර් රෙජිමේන්තු රග්බි ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය දිනාගනියි
21st August 2016
යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි ශුරතා තරඟාවලියේ අවසන් තරගය සිකුරාදා (19) දින තුරඟ තරග පිටියේ දී පැවැත්විය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා කණ්ඩායම අතර පැවති එම අවසන් තරගයේ ශුරතාවය ලකුණු 46 ට 0 ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා රග්බි ක්‍රීඩකයින් දිනා ගන්නා ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා සහභාගි වූ අතර, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මීට එක්ව සිටියහ. ශ්‍රී ලංකා යුද හමුදා රගර් කමිටුවේ සභාපති බ්‍රි ගේඩියර් ඩි.සී.එස්. වන්නිආරච්චි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීම සිදු කෙරිනි. මෙහිදි යුද හමුදාපති විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන පිරිනැමිම සිදු කළ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම තරඟය නැරඹිම සඳහා සහභාගි වූහ.