හදිසි ගිනි ගැනිම් දෙකක් යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි
16th August 2016
නාඋල විදුලි උපපොළ ප්‍රදේශයේ සහ මයිලපිටිය රණවිරු ස්මාරක ආසන්නයේ පසුගිය සෙනසුරාදා (13) දින ගිනි ගැනිම් ඇති වූ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් එය මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. ඒ අනුව මයිලපිටිය රණවිරු අනුස්මරණ උද්‍යානයේ රාජකාරි කරනු ලබන භට පිරිස් විසින් සෙනසුරාදා (13) දින මයිලපිටිය රණවිරු අනුස්මරණ උද්‍යානය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත් වූ අතර, ඒ සඳහා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙකු සහභාගි වූහ. එමෙන්ම එදිනම නාඋල විදුලි උපපොළට කිලෝමීටර් 01 ක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයේ ද හදිසි ගින්නක් ඇති වූ අතර, 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස්, දඹුල්ල ගිනි නිවීමේ ඒකකයේ නියෝජිතයින් සමඟ එක්ව මැඩපවත්වන ලදි.