භට පිරිස් විසින් ගල්කුලමේ දී නව වැවක් ඉදිකරයි

16th August 2016

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස අනුරාධපුර, පදවිය, ගල්කුලම ප්‍රදේශයේ ඉදිකරන ලද නව වැව සිකුරාදා (12) දින විවෘත කෙරිනි. මෙම ජලාශ්‍රයේ ධාරිතාවය අක්කර 278 ක් වන අතර, ප්‍රධාන වැව් බැම්මේ දිග මීටර් 480 ක් පමණ වේ. ජනතාවගේ ඉල්ලීම මත වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, එය ‘ජය සෙබල වැව’ නමින් නම් කෙරිනි. මෙම වැව ව්‍යාපෘතියේ අධික්ෂණ කටයුතු 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.කොඩිප්පිලි මෙන්ම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් විසින් සිදු කරන ලදි. බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් කාර්ය නිලධාරීන්, ආරාධිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.