ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ සභාපති කීරමලේයි නිවාස සංකීර්ණයේ සංචාරයක

15th August 2016

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ වත්මන් සභාපතිනි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (11) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහද හමුවක් ද පැවැත්විය. මෙහි සපැමිණි හිටපු ජනාධිපතිනි පිළිගැනීම සඳහා උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා, ළමා කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විජයකලා මහේස්වරන් මහත්මිය, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අනුර මුහන්දිරම්, උතුරු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.ඒ. ප්‍රනාන්දු මහතා සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ පරිපාලන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් නුහාන් රාජපක්ෂ ද පලාලි ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ. එම සාකච්ජාවේ දී යාපනය ආඥාපති විසින් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය නැවත ගොඩනැගිමේ වැඩසටහන් සඳහා හමුදාමය මැදිහත්වීම සහ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ආරක්ෂක හමුදා විසින් ලබාදෙනු ලබන සහයෝගය පිළිබඳව පැහැදිලි කරන ලද අතරම, දැනට ක්‍රියාත්මක කීරමලේයි නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ද පැහැදිලි කෙරිනි. මෙම දෙදින සංචාරයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආරක්ෂක හමුදාවන් විසින් ඉදිකෙරෙන එම නිවාස ව්‍යාපෘතිය සොයා බැලීමට ද මෙහිදි අමතක නොකල අතර, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද මේ සඳහා එක්ව සිටියහ.