සාලාව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ තවත් වැඩසටහනක්

11th August 2016

යුද හමුදාපතිගේ මගපෙන්වීම මත සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් 200 ක් වෙත පාසල් උපකරණ හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (11) දින සීතාවක කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදි. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ සම්බන්ධිකරණයෙන් එම ආරක්ෂක සේනාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ටෙල්ශාන් නෙට්වර්ක් ලිමිටඩ් ආයතනය සහ ගාල්ල කරන්දෙණිය, මැදකුඹුර මහ විද්‍යාලය අනුග්‍රහය දැක්විය. හංවැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 200 ක් සඳහා පාසල් උපකරණ හා අභ්‍යාස පොත් ඇතුලත් පාර්සල් 200 ක් බෙදාදීම මෙහිදි සිදුකෙරිනි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සීතාවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටි.එස්.එන්.කේ. දිසානායක සහභාගී වූ අතර, අවිස්සාවෙල්ල ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති එල්.ඩි.එස්.පි. සමරතුංග, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හංවැල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, එම පාසල්හි විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.