තණමල්විල ඇති වූ හදිසි ගින්න 121 බලසේනා භට පිරිස් මැඩපවත්වයි
10th August 2016
තණමල්විල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුමාරගම ග්‍රාමයේ තෙක්ක වගාවක පසුගිය ඉරිදා (07) දින ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 121 බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මැඩපැවැත්විය. ඒ අනුව 121 බලසේනාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් විසිදෙනෙකු විසින් කෂණිකව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුල දී එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.