ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය

8th August 2016

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම යුද විරුවෙක් වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින පවත්වනු ලැබීය. රට වෙනුවෙන් දිවිපිදු එම විරුවාණන්ගේ ප්‍රිය බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මිය සහ ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් මෙවරත් අනුරාධපුරයේ දී මෙන්ම තවත් ස්ථාන වල දී ද දවස පූරාම සැමරුම් උත්සව සංවිධානය කර තිබුණි. ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ ඊලාම් යුද්ධයට එරෙහි සටනේ දී ත්‍රස්තවාදී බ්ම් බෝම්බ ප්‍රහාරයට ලක් වීමෙන් ඔහු ඇතුළු මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිතන් කර්නල් එච්.ආර් ස්ටීවන්, ලුතිතන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිතන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ ඇතුළු පිරිස 1992 අගෝස්තු මස 8 වන දින යාපනය, කයිට්ස් හි අරාලි තුඩුවෙහි දී දැයෙන් සමුගත්හ.