මොණරාගල ඇති වූ ගින්න මධ්‍යම සෙබලුන් මැඩපවත්වයි

5th August 2016

මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ ඔබ්බේගොඩ ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (04) දින ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ භට පිරිස් වහා ක්‍රියාත්මක විය. බ්‍රහස්පතින්දා අළුයම ඇති වූ ගින්න සැලවීමෙන් පසු 121 බලසේනාවට අයත් වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් එම ස්ථානයට ලඟා වී එම තත්වය පාලනය කිරීමට සමත් විය. එම ගින්න මැඩපැවැත්වීම සඳහා 30 කට අධික පිරිසක් දායකත්වය ලබා දෙන ලදී. එමෙන්ම එදින (4) සවස් භාගය වන විට භට පිරිස් විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට සමත් විය.