විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ ජන්ම දිනය වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කරයි

29th July 2016

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඔවුන්ගේ උපන් දිනයක් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (28) දින නාරාහේන්පිට යුද හමුදා රෝහල වෙත රෝද පුටු 5 ක් සහ ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී. කැනඩාවේ පදිංචි පතිරණ පවුලේ සාමාජිකයින් විසින් මෙම රෝද පුටු සහ ඹෟෂධ තොගය යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ වෙත භාර දුන් අතර, එම වැඩසටහනේ සම්බන්ධීකරණය නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ තිනිතා රත්නායක මිය, නෙත් එෆ්එම් ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මහතා, ප්‍රවෘත්ති කළමණාකාර හේමන්ත කහවලගේ මහතා, හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, අධ්‍යක්ෂ කළමණාකරන සහ නඩත්තු බ්‍රිගේඩියර් විමල් විදානගේ, පවුලේ සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය සමගින් අනෙකුත් යුද හමුදා නිලධාරීන් මේ සඳහා සහභාගි විය. මේජර් ජෙනරාල් මුණසිංහ එම පරිත්‍යාග භාර ගැනීමෙන් පසු පරිත්‍යාගශීලීන් අමතා තවමත් රණවිරුවන් සහ සුවසහන මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අයවලුන් සඳහා ඔවුන් විසින් දක්වන ලද මානව දයාත්මක හැගීම සබැදිව සිය ස්තුතිය පිරිනමන ලදී. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණය සහ පරිත්‍යාගශීලීන් පිළිගැනීම බ්‍රිගේඩියර් විමල් විදානගේ විසින් සිදු කරනු ලැබීය.